කොටකෙතන නඩුවේ තීන්දුව කල් යයි

Thursday, 07 May 2015 - 11:08

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B6%9A%E0%B7%99%E0%B6%AD%E0%B6%B1+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේදී මවක සහ දියණියක ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ නඩු තීන්දුව ලබාදීම මේ මස 28 වැනිදා දක්වා කල්දමන බව කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ලිවේරා ද තෙන්නකෝන් අද ප්‍රකාශ කළා.

පසුගිය 2012 වසරේ ජූලි මස 19 වැනිදා කොටකෙතන ප්‍රදේශයේදී 63 හැවිරිදි ලියනාරච්චිගේ ප්‍රේමවතී සහ ඇගේ දියණිය වන 23 හැවිරිදි හේවාගමගේ පුෂ්පකුමාරි ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන තීන්දුවයි මෙලෙස කල් දැමුණේ.

මෙම මව සහ දියණිය කපා කොටා ඝාතනය කර ඔවුන්ගේ නිවස තුළ පුළුස්සා දමා තිබුණා. මෙම ඝාතන සම්බන්ධයෙන් නාමල් චමින්ද සිල්වා, සිසිර ප්‍රියන්ත කුමාර සහ ලොකුගම් හේවගේ රුචිර යන සැකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු  කෙරුණා. සිද්ධිය පිළිබඳ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි මෙලෙස තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණේ.

මේ අතර කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි නයනා නිල්මිණී සහ 18 හැවිරිදි කාවින්ද්‍යා චතුරංගි ඝාතනය කර තිබුණේ 2012 වසරේ ජනවාරි 31 වන දායි. ඊට අදාළව ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු සහ ඔහුගේ බිරිද වන රසිකා චාන්දනී නැමැත්තිය චෝදනා ලැබ සිටිනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories