මෛත්‍රී ජනපති යටතේ මහින්ද අගමැති කරන ආණ්ඩුවක් අවශ්‍යයි - දිනේෂ්, වාසු, විමල්

Thursday, 07 May 2015 - 12:55

%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%2C+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%94%2C+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A
පළාත් පාලන ආයතන එළඹෙන සැප්තැම්බර් මාසයෙන් පසුව විසුරුවා හරින ලෙස මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය දිනේෂ් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. පිවිතුරු හෙළ උරුමය කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු අමාත්‍යවරයා කියා සිටියේ පාර්ලිමේන්තුව ඒකඡන්දයෙන් සම්මත කළ නව පළාත් පාලන ආයතන පනතට අනුව මෙම පළාත්පාලන ආයතනවල ඡන්ද විමසීම පැවැත්විය යුතු බවයි.

මෙම මාධ්‍ය හමුවට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාරද එක්ව සිටියා. ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා බවට පත් කිරීමට බල කරමින් කුරුණෑගල පැවැත්වෙන ජන රැළියේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අගමැති ලෙසත්, මෛත්‍රීපාල සිරිසේන ජනපති ලෙසත් සිටින ඒකාබද්ධ ආණ්ඩුවක් බිහි කිරීමට ජනතාව බළ කළ යුතු බවයි.

මෙම මාධ්‍ය හමුවට  ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ, හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ පිවිතුරු හෙළ උරුමයේ ලේකම් පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිලද එක්ව සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories