කල් ඉකුත් වූ පළාත් පාලන ආයතනවල ඡන්දය කල් දමන්න

Thursday, 07 May 2015 - 19:07

%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%89%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B7%80%E0%B6%BD+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් කරන නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොරොන්දු වූ බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර ඊයේ (06) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම කරුණු අනාවරණය කළ බවයි හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ. එසේම සීමා නිර්ණය කිරීමේ කටයුතු අවසන් වනතුරු කාලය ඉක්මවා ඇති පළාත් පාලන ආයතනවල මැතිවරණය කල් දමන්නැයි මෙහිදී ඉල්ලීමක් ද කෙරුණු බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියා.

නිදහස් පක්ෂයේ සමගිය ආරක්ෂා කිරීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ පැවති සාකච්ඡාවට එක්වූ බවයි හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ප්‍රකාශ කළේ. ඊයේ පැවති සාකච්ඡාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ එක්වූ නියෝජිතයින් කොළඹ දී අද (07) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories