පරාජය පිළිගත් එඞ් මිලිබෑන්ඞ් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

Friday, 08 May 2015 - 19:25

%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9E%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඊයේ (07) පැවති බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් පැහැදිලි ජයක් අත්කර ගැනීමට අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන්ගේ කන්සර්වටිව් පක්ෂය සමත් වුණා. ආසන 650 කින් යුත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන 327ක් කන්සර්වටිව් පක්ෂයට හිමිව තිබෙනවා. පරාජයන් පසු එරට ප්‍රධාන විපක්ෂය වූ කම්කරු පක්ෂයේ නායක එඞ් මිලිබෑන්ඞ් ඇතුළු පක්ෂ නායකයන් තුන්දෙනෙකු ද ඉල්ලා අස්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් බ්‍රිතාන්‍ය මහරැජිණ මේ වනවිට මුණ ගැසී ඇති බව සදහන්. මේ අතර, මෙවර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධන, සිය අසුන ජය ගැනීමට සමත්වුණේ ඡන්ද 35,573 ක් එනම්, සිය අසුනෙන් සියයට 66 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories