අලින් 200 කට විල්පත්තුව අහිමි වන ලකුණු

Saturday, 09 May 2015 - 13:23

%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+200+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
විල්පත්තු අභයභූමිය ඇතුලූ අවට රක්ෂිත එළිකිරීම හේතුවෙන් වන අලින් 200 කට පමණ නිජභූමිය අහිමිවන බව පරිසරවේදීන් පවසනවා. විශේෂයෙන්ම අලි මිනිස් ගැටුම මේ තුලින් තව තවත් උග්‍රවිය හැකි බවයි පරිසරවේදී පුබුදු වීරරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර විල්පත්තු අභයභූමියේ සිදුවන වන විනාශය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදාහැරීමක් අද (08) බත්තරමුල්ල - දියත උයන පරිශ්‍රයේදී සිදු කෙරුණා.

බොදුබල සේනා සංවිධානය ප්‍රකාශ කළේ විල්පතුවේ වන විනාශය සම්බන්ධයෙන් නැගී ඇති චෝදනා ජාතිවාදය ඉස්මතු කරමින් යටපත් කිරීමට අමාත්‍ය රිෂාඞ් බදියුදීන් උත්සාහ කරන බව කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ කියා සිටියා.

එමෙන්ම සිංහල රාවය ජාතික සංවිධානය ද විල්පත්තුව අභයභූමියේ සිදුවන වන විනාශය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත ඊයේ ලිපියක් භාර දුන්නා. ඊට අමතරව මේ සම්බන්ධයෙන් ඔවුන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ද පැමිණිල්ලක් සිදුකළා.  

විල්පත්තු අභයභූමියේ ස්වාරක්ෂණ කලාපය හෙළි පෙහෙළි කර ජනාවාස තැනීමේ වෑයමක් පිළිබඳව හිරු සී.අයි.ඒ. තුළින් ද පසුගිය දින කිහිපය පුරාවටම අනාවරණ කළා. විල්පත්තු වන සංහාරයට එරෙහිව සමාජජාල වෙබ් අඩවි හරහා දැඩි විරෝධතාවන් දියත් වූයේ ද හිරු සී.අයි.ඒ. අනාවරයෙන් අනතුරුවයි. හිරු සී.අයි.ඒ. මගින් ඇති කළ සංවාදය පදනම් කරගෙන ජනාධිපතිවරයා ද ඒ පිළිබඳ ක්‍රියාත්මක වී තිබෙනවා.

විල්පත්තු වනෝද්‍යානය ආශ්‍රීතව සිදුවන බව කියන වනාන්තර හෙළි පෙහෙළි කිරීම සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙස ජනාධිපතිවරයා පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා වෙත උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය අද ප්‍රකාශ කළා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories