රුසියාව දෙවන ලෝක යුද්ධය සමරයි

Saturday, 09 May 2015 - 13:50

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
රුසියාව දෙවන ලෝක යුද්ධයේ 70 වන සංවත්සරය අනුස්මරණය කරමින් මොස්කව් නුවර රතු චතුරස්‍රයේ අද දැවැන්ත හමුදා පෙළපාලියක් පවත්වනවා. ඊට රුසියාවේ නවීන යුද අවි ප්‍රථම වරට එක් කිරීමට නියමිතයි. දෙවන ලෝක යුද්ධයේදී නාසි ජර්මානු හමුදා පරදවා ජය ලැබීමයි මෙමගින් සලකුණු කෙරෙන්නේ.

මෙවර රුසියානු දෙවන ලෝක යුද සැමරුමට සහභාගිවීම සඳහා චීන ජනාධිපති ෂී - ජින්පින්, ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි, ජගත් සංවිධාන මහලේකම් බෑන් කී මූන් ඇතුළු ලෝක නායකයන් 20 දෙනෙකු පමණ එක්ව සිටිනවා. එහෙත් රුසියාවේ යුක්රේන ආක්‍රමණයට විරෝධය පළ කරමින් ඇමරිකාව,  ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ යුරෝපා සංගමයේ නායකයන් රැසක් රුසියානු යුද සමරුව වර්ජනය කරන බව සදහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories