උස ගැන තවදුරටත් චන්ද්‍රිකා පරීක්ෂා කළ යුතුයි

Saturday, 09 May 2015 - 16:00

%E0%B6%8B%E0%B7%83+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92
පසුගිය අප්‍රේල් 25 වනදා නේපාලයේ සිදුවු රික්ටර් පරිමාණයේ 7.9 ක  භූ කම්පනයෙන් හිමාල කඳුවැටියේ උස මීටරයකින් පමණ අඩු වී ඇති බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා. කෙසේ නමුත්, එවරස්ට් කඳු ශිඛරයේ උස සම්බන්ධයෙන් චන්ද්‍රිකා ඡායාරූප තවදුරටත් පරීක්ෂාවට ලක් කළ යුතු බවයි ඇමරිකානු භූ විද්‍යා පරීක්ෂණ ආයතනයේ භූ විද්‍යාඥ රිචඞ් බ්‍රිග්ස් ප්‍රකාශ කළේ. කත්මණ්ඩු නුවරට වයඹ දෙසින් වූ ලැන්ටෑන් හිමාල් ලෙස හඳුන්වන හිමාල කඳු තීරයේ කිලෝමීටර් 100 ක පමණ ප්‍රදේශයක මෙම උස අඩුවීම දක්නට ලැබෙනවා. පසුගියදා ඇතිවු භූ කම්පනයෙන් හිමපතනයන් සහ නායයෑම් රැසක් සිදුවූයේද මෙම ප්‍රදේශයේයී.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories