Update: අකුණු අවදානම ඉහළට - අදත් තද වැසි

Saturday, 09 May 2015 - 17:26

Update%3A+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+-+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
පෘථිවියේ උතුරු සහ දකුණු අර්ධ ගෝලයන්ගෙන් පැමිණෙන සුළං හමුවන කලාපය හෙවත් අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම නිසා දිවයින ආශ්‍රීතව වැසි සහ අකුණු ඇතිවීමේ හැකියාව වැඩි මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී  කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ.



මේ අතර මාදු ගඟ පිටාර ගැලීම හේතුවෙන් පහත්බිම් යටවීම නිසා මේ වනවිට පුද්ගලයන් 2600 කට වැඩි පිරිසක් පීඩාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසනවා. බස්නාහිර පළාත ඇතුලූ දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති බවද ආපදා කළමනාකරන මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.
Update: Sunday, 10 May 2015 - 07:14 AM
---------------------------------------------------
ඉදිරි පැය 24 තුළ  ක්ෂණික වැසි -තද සුළං

ඉදිරි පැය 24 තුළ දිවයින අභ්‍යන්තරයේ සහ අවට මුහුදේ සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද (09) රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ දර්ශන ශමිල් ප්‍රේමතිලක කියා සිටියේ.

මේ අතර අද (09) උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනෙන් වාර්තා වූ උපරිම වර්ෂාපතනය කළුතර ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 150 ක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories