Update: මාලඹේ - පිට්ටුගල ගසක් කඩාවැටී අයෙක් මරුට. 2 කට තුවාල

Sunday, 10 May 2015 - 10:19

Update%3A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%B9%E0%B7%9A+-+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9C%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.+2+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
මාලඹේ - පිට්ටුගල ප්‍රදේශයේදී විශාල ප්‍රමාණයේ ගසක් කඩාවැටීම හේතුවෙන් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ගස කඩාවැටෙන අවස්ථාවේ නව නුවර මාර්ගයේ ගමන් ගත් වාහනවල සිටි පුද්ගලයන් මෙම අනතුරට මුහුණපා ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. මෙහිදී ලොරියකට, යතුරුපැදි දෙකකට සහ ත්‍රිරෝද රථ දෙකකට අලාභ හානි සිදුව තිබෙනවා.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයෙක්. ඔහු මාලඹේ ප්‍රදේශයේම පදිංචි 54 හැවිරිදි අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. 

Update: Sunday, 10 May 2015 - 03:40 PM
..........................................................

මාලඹේ - පිට්ටුගල ප්‍රදේශයේදී විශාල ප්‍රමාණයේ ගසක් කඩාවැටීම හේතුවෙන් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සිද්ධියෙන් නව නුවර මාර්ගයේ ගමන් කළ ත්‍රිරෝද රථ දෙකකට, යතුරුපැදි දෙකක් සහ ලොරි රථයකට හානි සිදුව ඇති බවයි. එමෙන්ම නව නුවර මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද මේ නිසා තවදුරටත් බාධා එල්ලවී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories