ලංකාවට පැමිණෙමින් තිබූ ගුවන් යානයක් හදිසියේ හරවාගෙන යයි

Sunday, 10 May 2015 - 15:32

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඊයේ රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණෙමින් තිබූ මලයාසියානු ගුවන් සේවයට අයත් එම්.එච්. 179 දරණ ගුවන් යානය කිසියම් හේතුවක් නිසා නැවත හරවාගෙන ගොස් ක්වාලාලම්පූර් ගුවන් තොටුපලේ ගොඩබස්සවා තිබෙනවා. ගුවන් යානය මුලින්ම ක්වාලාලම්පූර් ගුවන් තොටුපලෙන් නික්මී මලක්කා සමුද්‍ර සන්ධියට ඉහළ අහසේ පැය දෙකක් පමණ වට කිහිපයක් ගමන් කළ බව සඳහන්. එය හදිසි ගොඩබැස්සවීමකට පෙර ඉන්ධන ඉවත් කිරීම සඳහා බෝයිං වර්ගයේ ගුවන් යානා යොදාගන්නා උපක්‍රමයක් බවයි සැළකෙන්නේ. කෙසේ නමුත් මගී ගුවන් යානය ක්වාලාලම්පූර් ගුවන් තොටුපලේ සුරක්ෂිතව ගොඩබස්සවා ඇති බවයි මලයාසියානු මාධ්‍ය සඳහන් කළේ. කොළඹට පැමිණෙමින් තිබූ ගුවන් යානය නැවත හරවාගෙන යෑමට හේතුව මලයාසියානු ගුවන් සේවය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories