ගතවූ මාස 5 තුළ අකුණු අනතුරුවලින් 11 ක් මරුට

Sunday, 10 May 2015 - 15:52

%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+5+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+11+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
පෘථිවියේ උතුරු සහ දකුණු අර්ධ ගෝලයන්ගෙන් පැමිණෙන සුළං හමුවන කලාපය හෙවත් අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම නිසා තවදුරටත් වැසි ඇතිවන අවස්ථාවලදී ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ වසරේ ගතවූ කාලසීමාව තුළ 11 දෙනෙකු අකුණු අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. මීට අමතරව තද සුළං පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

පසුගිය දින දෙක තුළ පැවති අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇතිවී තිබූ ජල ගැලීම් තත්ත්වයන් මේ වනවිට පහව යමින් පවතින බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. එම මධ්‍යස්ථානයේ සහකාර මාධ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ ජලගැලීම් පැවති ප්‍රදේශවලට ගතවූ පැය කිහිපය තුළ අවම වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories