පළාත් පාලන ආයතනවල නිළ කාලය දීර්ඝ කරන්න. - සන්ධාන මහලේකම් ජනපතිගෙන් ඉල්ලයි

Sunday, 10 May 2015 - 18:42

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B7%80%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B7%85+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.++-+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට නව මැතිවරණ ක්‍රමයක් යටතේ මහමැතිවරණය පැවැත්වීමට අවශ්‍යතාවක් නොමැති බව මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ මීළඟ මහමැතිවරණය පැරණි ඡන්ද ක්‍රමයට පැවැත්වීමට ජනාධිපතිවරයා එකඟ වූ බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදීයි.
 
මේ අතර, පළාත් පාලන ආයතන සීමා නිර්ණ ගැසට් කර මැතිවරණය සඳහා සූදානම් වන තෙක් ඒවායේ කාලය දීර්ඝ කරන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් එහි මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළේ යම් හෙයකින් පළාත් පාලන ආයතන විසුරුවා හැර කොමසාරිස්වරයෙකු යටතට පත් කිරීමෙන් ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතිය අහිමි වන බවයි. පළාත් පාලන ආයතන 234 ක කාලය ඉකුත්වීමෙන් අනතුරුව මේ මස 15 වැනිදා දක්වා යළි දීර්ඝ කිරීමට පසුගියදා තීරණය කෙරුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසන්නේ මීළඟ පළාත් පාලන මැතිවරණය නව මැතිවරණ නීති යටතේ පැවැත්විය යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories