රාත්‍රියේ මව සමඟ නින්දට ගිය දැරිය වෙල්යායකින් මතුවේ

Sunday, 10 May 2015 - 18:59

%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A
සිය මව සමඟ නිදා සිටි දැරියක් වෙල්යායක සිටියදී සොයා ගත් පුවතක් ගම්පහ - බෙම්මුල්ල ප්‍රදේශයෙන් අද (10) වාර්තා වුණා. මෙලෙස ඇය පදිංචි නිවස ආසන්නයේ වෙල්යායක සිටියදී සොයා ගනු ලැබුවේ වයස අවුරුදු දෙකහමාරක පමණ කුඩා දැරියක්. මෙම දැරියගේ වැඩිමහල් සොහොයුරා ඊයේ රාත්‍රී ශාරීරික අවශ්‍යතාවක් සඳහා නිවසින් පිටතට ගොස් යළි පැමිණෙන විට දැරිය නිවසේ නොසිටීම පිළිබඳව දෙමාපියන් දැනුවත් කර තිබෙනවා. ඉන් අනතුරුව දෙමාපියන් ප්‍රදේශවාසීන් සමඟ එක්ව දැරිය සොයා ඇති අතර, එහිදී නිවසට මීටර් 300 ක් පමණ ඈතින් පිහිටි වෙල්යායක සිටියදී ඇය හමුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. නිදාසිටි දැරිය වෙල්යායකින් හමුවූයේ කෙසේ ද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළා. පොලිස් නිල සුනඛයන් යොදා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories