20 ගැන තීරණය අද

Monday, 11 May 2015 - 8:28

20+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
මැතිවරණය ක්‍රමය වෙනස් කිරීමේ යෝජනා ඇතුළත් 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (11) පැවැත්වෙන සාකච්ඡාවේදී තීරණය කරන බව රජයේ ආරංචි මාර්ග පවසනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා දේශපාලන පක්ෂ නායකයන්ට ආරාධනා කර තිබෙනවා. කෙසේ වෙතත්, 13 වන දා 20 වන සංශෝධන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.  

මේ අතර, මැතිවරණ ක්‍රම සංශෝධනය පිළිබඳව සුළු පක්ෂ නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. එම සාකච්ඡාව සඳහා ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා ජනතා කොංග්‍රසය, කම්කරු ජාතික පෙරමුණ සහ බස්නාහිර ජනතා පෙරමුණ නියෝජනය කරමින් නියෝජිතයන් එක්ව සිටියා. එහිදී මීළඟ මහමැතිවරණය පවතින ඡන්ද ක්‍රමයටම පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පොරොන්දුවක් ලබාදුන් බවයි එම සාකච්ඡාවට එක්ව සිටි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories