තුන්නානේ යළිත් උද්ඝෝෂණ

Monday, 11 May 2015 - 8:34

%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB
හංවැල්ල - තුන්නාන ප්‍රදේශයේ පිහිටි රබර් අත්ආවරණ නිෂ්පාදන කර්මාන්තශාලාව ඉවත් කරන ලෙස බල කරමින් ප්‍රදේශවාසීන් ඊයේ උද්ඝෝෂණයක නිරත වුණා. පසුගිය අප්‍රේල් 30 වන දා අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් මෙම කර්මාන්තශාලාව දින 14ක් ඇතුළත ඉවත් කර ගන්නා ලෙසට ද නියෝගයක් නිකුත් කර තිබුණා.  

හංවැල්ල - තුන්නාන ප්‍රදේශයේ පිහිටි අත්ආවරණ කර්මාන්තශාලාව මගින් තම සෞඛ්‍යයට තර්ජන එල්ල වන බව පවසමින් ප්‍රදේශවාසීන් පසුගිය කාලසීමාව තුළ විවිධ අවස්ථාවලදී විරෝධය පළ කළා. පසුගිය වසරේ මාර්තු 15 වන දා එම කර්මාන්ත ශාලාවට විරෝධය පළ කරමින් පැවැති උද්ඝෝෂනයක් අතරතුර කලහකාරී ලෙස හැසිරුණු පිරිසක් විසින් කපන ලද රබර් ගසකට යටවී බොරැල්ල පොලීසියේ ස්ථානාධිපතිවරයා ද ජීවිතක්ෂයට පත්වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories