Update: මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය නීත්‍යානුකූල නැහැ. - ගෝඨාභය උසාවි යයි

Monday, 11 May 2015 - 15:27

Update%3A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B7%96%E0%B6%BD+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය නිත්‍යානුකූල නොවන බව පවසමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (11) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. ඔහුගේ නීතිඥවරුන් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ක්‍රියාවලිය සහ එමගින් ලබාදෙන තීන්දු නෛතික පදනමකින් තොර බවට මෙම පෙත්සමෙන් කරුණු දක්වා ඇති බවයි. එමෙන්ම මෙම කොට්ඨාශය මෙතෙක් අනුගමනය කළ පියවරයන් අවලංගු කරන ලෙසට ද මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

තමා අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන නියෝගයක් ලබාදෙන ලෙස ද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉල්ලා ඇති තවත් කරුණක්. එම පෙත්සම මගින් හිටපු ආරක්ෂක ලේකම්වරයා තවදුරටත් කියා සිටියේ තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවයි. එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට කිසිදු බලයක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට නොමැති බව ද අදාළ පෙත්සමේ තවදුරටත් සදහන්.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය මණ්ඩලය, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පති සහ නීතිපති ඇතුළු 45 දෙනෙකු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් කර තිබෙනවා. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අනිද්දා සලකා බැලීමට නියමිතයි.

මේ අතර, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම වෙත පැමිණියා. එම ස්ථානයේ සිටි හිරු වාර්තාකරු සදහන් කළේ හිටපු ආරක්ෂක ලේකම්වරයා පැය තුන හමාරකට ආසන්න කාලයක් අල්ලස් කොමිසමේ රැදී සිටි බවයි.

පසුගිය මස 23 වැනිදා හිටපු ආරක්ෂක ලේකම්වරයා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අතර ඔහුව කැඳවීමට විරෝධය පළ කරමින් එදින එම කොමිසන් සභාව ඉදිරිපිට විරෝධතාවක්ද පැවැත්වුණා. අල්ලස් කොමිසම විසින් හිටපු ආරක්ෂක ලේකම්වරයාව එලෙස කැඳවා තිබුණේ මිහින් ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෙකුව සිටියදී සිදුවූ ගණුදෙනුවක් පිළිබදව ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.

කෙසේ වෙතත් අදාළ කරුණ  තවදුරටත් අධ්‍යයනය කළයුතු බැවින් ඒ සඳහා කාලය අවශ්‍ය බව ඔහුගේ නීතීඥයින් අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටියා. ජනතා විමුක්ති පෙරමුණද පසුගිය ජනවාරි මස 23 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පැමිණිලි කිහිපයක් ගොනු කළ අතර හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිවද  එමඟින් චෝදනා එල්ල කර තිබුණා.

මීට අමතරව 2013 වසරේ අම්පාරේ පැවැති දැයට කිරුළ ප්‍රදර්ශනයේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවූ බවට පවසමින් ජනතා විමුක්ති පෙරමුණ පසුගිය 6 වන දා ද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර එහි එක් වගඋත්තරකරුවෙකු වූයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂයි.



Update: Monday, 11 May 2015 - 07:43 PM
...............................................................
තමා අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන නියෝගයක් ගෝඨාභය ඉල්ලයි

තමා අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන නියෝගයක් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබුවා. එම පෙත්සම මගින් හිටපු ආරක්ෂක ලේකම්වරයා තවදුරටත් කියා සිටියේ තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවයි. එමෙන්ම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය නීත්‍යානුකූල නොවන බව ද හිටපු ආරක්ෂක ලේකම්වරයා සිය පෙත්සම මගින් පෙන්වා දී තිබෙනවා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories