අදත් දිවයින පුරා මහ වැසි

Tuesday, 12 May 2015 - 8:09

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B8%E0%B7%84+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑමෙන් දිවයින ආශ්‍රිතව වැසි සහ අකුණු ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉතා ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම එහි බලපෑම නිසා වර්ධනය වන ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 - 80 දක්වා වර්ධනය විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු කියා සිටියේ.  

මේ අතර, වැසි ආපදා හේතුවෙන් දිවයින පුරා පවුල් 1206කට අයත් 4004 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. මොණරාගල, ගාල්ල, කොළඹ ප්‍රදේශවල ජල ගැලීම් හේතුවෙන් සහ  මහනුවර - මහයියාව ප්‍රදේශයේ නාය යාමේ තත්ත්වයක් හේතුවෙන් මෙම පිරිස පීඩාවට ලක්ව සිටිනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories