ඡන්ද ක්‍රමයේ වෙනස ගැන පක්ෂ රැසකින් සංශෝධන

Wednesday, 13 May 2015 - 13:23

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1
නව මැතිවරණ ක්‍රමය ඇතුළත් 20 වන ව්‍යවස්ථා සංශෝධනය අද (13) දිනයේදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ පක්ෂ නායකයින් අතර අවස්ථා කිහිපයකදී සාකච්ඡා පැවැත්වුණා. ඒ අනුව පසුගිය සඳුදා ජනාධිපති ලේකම් කාර්යාලයේ අවසන් වරට පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පක්ෂ නායකයින්ට දැනුම් දුන්නේ මැතිවරණ ක්‍රමය සංශෝධනයට අදාළ නව යෝජනා ඇත්නම් අද දහවල් 12ට පෙර ඒවා ජනාධිපති කාර්යාලයට භාර දෙන ලෙසයි. ඒ අනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අද පෙරවරුවේ සිය යෝජනා භාර දුන් අතර, මැතිවරණ ක්‍රමයේ සිදුකළ යුතු සංශෝධන පිළිබඳව යෝජනාවලියක් ජනතා විමුක්ති පෙරමුණ ද අද භාර දුන්නා.

කම්කරු ජාතික පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ සමඟ එක්ව තම පක්ෂයේ යෝජනා භාර දුන් බවයි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් කියා සිටියේ.

ජාතික නිදහස් පෙරමුණ ද මැතිවරණ ක්‍රමයේ සිදුවිය යුතු සංශෝධන පිළිබද ලියවිල්ලක් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දී තිබෙනවා. සමාජවාදී ජනතා පෙරමුණ සිය යෝජනා මගින් ඡන්ද පත්‍රිකා දෙකක් ඡන්දදායකයින් වෙත ලබාදීමට යෝජනා කර තිබෙනවා.
ඊට අමතරව දෙමළ ජාතික සන්ධානය, අමාත්‍ය රිෂාඞ් බදියුදීන් නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහ ඊ.පී.ඞී.පී. සංවිධානය ද මැතිවරණ ක්‍රමයේ සිදුකළ යුතු සංශෝධන ඇතුළත් වාර්තාවක් අද දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories