මහින්ද, මංගලගෙන් කෝටි 100 ක් ඉල්ලයි

Wednesday, 13 May 2015 - 19:18

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%2C+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+100+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
රුපියල් කෝටි 100 ක වන්දි මුදලක් ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර වෙත එන්තරවාසියක් යවා තිබෙනවා. ඒ, තමාගේ කීර්තිනාමයට හානියක් වූ බව පවසමින්. හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතීඥ අතුල ප්‍රියදර්ශන ද සිල්වා ශිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ දින 21 ක් තුළ මෙම මුදල ගෙවන ලෙසට මෙම එන්තරවාසිය තුළින් අදාළ අමාත්‍යවරයාට  දැනුම්දී ඇති බවයි.

පසුගිය 7 වැනිදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේ රාජපක්ෂ පවුලේ වත්කම් ඇමරිකානු ඩොලර් බිලියන 18 ක් පමණ වන බවයි.  
 
කෙසේ වෙතත් රාජපක්ෂ පවුලේ වත්කම් පිළිබඳව මංගල සමරවීර අමාත්‍යවරයා සිදුකළ වැරදි ප්‍රකාශය තුළින් තම සේවාදායකයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කීර්තිනාමයට හානියක් වන බව පවසා මෙම එන්තරවාසිය යැවූ බවයි නීතීඥ අතුල ප්‍රියදර්ශන  ද සිල්වා සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories