අනියම ගිනිගත් තවත් අවස්ථාවක්

Thursday, 14 May 2015 - 12:48

%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පානදුර - හිරන - නාමල් පාර - කොස්ගහලන්ද වත්ත ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ අනියම් සැමියා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රදේශය අතහැර පළාගොස් සිටි සැකකරු අනුරාධපුර - සිංහකණුව ප්‍රදේශයේදී ඊයේ (13)  අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින්. සැකකරු පානදුර ප්‍රදේශයේ පුද්ගලික ඔසුසැලක් පවත්වාගෙන යනු ලබනවා.

 45 හැවිරිදි මෙම කාන්තාව ඝාතනයට ලක්වූයේ පසුගිය 9 වැනිදා රාත්‍රියේයි. මේ සම්බන්ධයෙන් සිදුකළ මූලික පරීක්ෂණ සඳහා පොලිස් නිල සුනඛයන්ද යොදාගත් අතර එහිදී පොලිස් සුනඛයා මියගිය කාන්තාවගේ අනියම් සැමියාට අයත් බව කියන ඔසුසැලක් වෙත ගමන් කර තිබෙනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories