ගෝඨාභය ගැන අගමැති ජාත්‍යන්තර නීති උපදෙස් පතයි

Friday, 15 May 2015 - 8:35

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය අනුගමනය කරන ක්‍රියාමාර්ගය පිළිබඳව පොදු රාජ්‍ය මණ්ඩලීය නීති අංශයේ උපදෙස් ගැනීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ කොළඹ පැවති ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ජාතික සමුළුවට එක්වෙමින්. එම අවස්ථාව සඳහා පක්ෂ විපක්ෂ මෙන්ම විද්වතුන් රැසක් එක්ව සිටියා. ජනමාධ්‍ය උන්නතිය පිළිබඳව මහජන ප්‍රකාශනයටද මෙහිදී අත්සන් තැබීම ද එහිදී සිදුවුණා. පසුගිය කාලයේ ඝාතනයට ලක්වූ සහ අතුරුදන් වූ ජනමාධ්‍යවේදීන් පිළිබඳව සොයා බැලීමට කොමිෂන් සභාවක් පත්කිරීම සම්බන්ධයෙන් ද එම අවස්ථාවට එක්වු අග්‍රාමාත්‍යවරයා අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳව තමා දැනුවත් වූයේ ජනමාධ්‍ය ඔස්සේ බවයි.

එම අවස්ථාවට සහභාගීවෙමින් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ පැත්ත ගියත් ජනමාධ්‍ය සම්බන්ධයෙන් ඇත්ත කියන්න තමන් බිය නොවන බවයි. රාජ්‍ය මාධ්‍යයට මෙන්ම පෞද්ගලික මාධ්‍යයට ද න්‍යාය පත්‍රයක් පවතින බව ඔහු එහිදී කියා සිටියා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories