පළාත් පාලන ආයතන 234 ක් අදින් අවසන්

Friday, 15 May 2015 - 8:45

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+234+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
දිවයිනේ පළාත් පාලන ආයතන 234 ක නිල කාලය අදින් (15) අවසන් වනවා. ඒවායේ කාලසීමාව දීර්ඝ නොකෙරෙන අතර, එම පළාත් පාලන ආයතනවල පාලනය විශේෂ කොමසාරිස්වරුන් යටතට පත් කෙරෙනු ඇති. ඉදිරියේදී නව මැතිවරණ ක්‍රමයක් යටතේ මැතිවරණ පවත්වා පළාත් පාලන ආයතනවල සභිකයන් පත් කර ගැනීම සඳහා අවස්ථාව සැලසීම එහි අරමුණයි. එබැවින් ඒවායේ ධුර කාලය මෙසේ අවසන් වීමට ඉඩ හරින බව රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය වෙත දැනුම්දී තිබෙනවා. තවත් පළාත් පාලන ආයතන 65 ක ධුර කාලය ජුලි 31 වනදා අවසන් වන අතර, ආයතන 21 ක ධුර කාලසීමාව ඔක්තෝම්බර් 16 වනදාත්, පළාත් පාලන ආයතන 2 ක කාලසීමාව ඔක්තෝම්බර් 31 වනදාත් අවසන් බව අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන්.

මේ අතර, දොම්පේ ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රීවරුන් ඊයේ පස්වරුවේ පන්දම් රැගෙන සිය විරෝධය පළ කළා. ඒ, අද සිට පළාත් පාලන ආයතන කොමසාරිස්වරයෙකුගේ පාලනයට නතු කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින්. මහසභා රැස්වීමෙන් අනතුරුව පන්දම් රැගෙන මෙම විරෝධය පළ කළ අතර, එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව ගොස් තිබෙනවා.

මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 11 දෙනෙකු ඊයේ කළු පටි පැළඳ ප්‍රාදේශීය සභා රැස්වීමට සහභාගි වී තිබෙනවා. ඒ, අදින් කාලය අවසන්වන පළාත් පාලන ආයතන 234  විශේෂ කොමසාරිස්වරයෙකු යටතට පත් කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින්.

මේ, පසුගියදා පළාත් පාලන මන්ත්‍රී එකමුතුව කොළඹ දී පැවති සමුළුවකදී පළාත් පාලන ආයතන කොමසාරිස්වරයෙකුගේ පාලනයට නතු කිරීමට විරෝධය පළ කරමින් අද දිනයේ කළු කොඩි එසවීමට ද යෝජනාවක් සම්මත කර ගත්තා.

නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතන මෙතනින්..
http://goo.gl/TMpHT2




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories