මියගියායැයි කියූ අයි.එස් නායකයාගෙන් හඬපටයක්

Friday, 15 May 2015 - 9:21

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%96+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AC%E0%B6%B4%E0%B6%A7%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ගුවන් ප්‍රහාරයකින් තුවාල ලබා මියගිය බවට වාර්තා වූ අයි.එස්. හෙවත් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ නායකයා වන අබු බකර් අල් බග්ගාඩි විසින් නිකුත් කරන ලදැයි කියන හඬපටයක් දැන් අන්තර් ජාලයට එක්කර තිබෙනවා. එමගින් ඔහු ලොවපුරා මුස්ලිම්වරුන් වෙතින් ඉල්ලා ඇත්තේ සිරියාවේ සහ ඉරාකයේ තමන් ගොඩනගන කැලිෆේට් නොහොත් ඉස්ලාමීය රාජ්‍යයට එක්වන ලෙසයි. මෙම හඬපටයේ පටිගත හඬ බග්ගාඩිගේ බවට පෙනී යන නමුදු මෙතෙක් තහවුරු කර නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඒ සඳහා මීට පෙර අයි.එස්. නායකයා නිකුත් කළ හඬපටි සමඟ එය සංසන්දනය කෙරෙනු ඇති. සෞදි අරාබිය යේමනයට එල්ල කරන ප්‍රහාර පිළිබඳව ද අයි.එස් නායකයා මෙහිදී සඳහනක් කර තිබෙනවා. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ එය සෞදි රාජකීය පාලනයේ අවසානය වනු ඇති  බවයි. අයි.එස් සංවිධානය ඉස්ලාම් දහම දකින ආකාරය පිළිබඳව ද අබු බකර් අල් බග්ගාඩි මෙහිදී පැහැදිලි කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories