19 ට කථානායක අත්සන් තබයි

Friday, 15 May 2015 - 9:58

19+%E0%B6%A7+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
ජනාධිපතිවරයා සතු විධායක බලතල රැසක් අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට පැවරෙන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා කථානායක චමල් රාජපක්ෂ අත්සන් තබා තිබෙනවා. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක ප්‍රකාශ කළේ කථානායකවරයා අද (15) උදෑසන ඊට අත්සන් තැබූ බවයි. ඒ අනුව එය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලපැවැත්වෙන නීතියක් බවට පත්වනවා. පසුගිය අප්‍රේල් 28 වනදා 19 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී 3 න් 2 ක ඡන්දයෙන් සම්මත වුණා.

පසුගිය අප්‍රේල් මස 27 සහ 28 යන දින දෙකේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී පැවති අතර, 28 වනදා රාත්‍රියේ ඡන්ද විමසීම සිදුකෙරුණා. එහිදී 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 215 ක් ලැබුණු අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සරත් වීරසේකර සංශෝධනයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා. එමෙන්ම, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මන්ත්‍රී අජිත් කුමාර ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ සභාගැබ තුළ මන්ත්‍රීවරුන් 7 දෙනෙකු සිටියේ නැහැ.

ඒ අනුව, 19 වන ව්‍යවස්ථා සංශෝධනය නීතියත් ලෙස බලාත්මක වීමත් සමඟ ජනාධිපතිවරයෙකුගේ ධුර කාලය වසර 5 කට සීමා වීම ජනාධිපතිවරයාට හිමිව තිබූ මුක්තිය අහිමි වීම, 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අහෝසි කෙරුණු ස්වාධීන කොමිෂන් සභා යළි බලාත්මක කිරීම සිදුවනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories