Update: ශෂීගේ ඇප කොන්දේසි ලිහිල් වෙයි

Friday, 15 May 2015 - 11:31

Update%3A+%E0%B7%81%E0%B7%82%E0%B7%93%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92+%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශගේ ජාතික හැඳුනුම්පත සහ ගුවන් ගමන් බලපත්‍රය අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් ආකාරයට සකස් කර ඇති බවට තහවුරු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (15) අධිකරණයට දැනුම් දුන්නා. ඒ, අවිධිමත් ආකාරයට රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගත් බවට චෝදනා කරමින් ශෂී වීරවංශට එරෙහිව ගොනු කර ඇති නඩුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

එහිදී මේ සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවල වාර්තාවක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවට රහස් පොලිසිය ඉදිරිපත් කළ අතර, එම වාර්තාව වැඩිදුර උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. අද නඩුව කැදවූ අවස්ථාවේදී විත්ති පාර්ශවය වෙනුවෙන් අදහස් දැක්වූ නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ සැකකාරිය ඇප කොන්දේසි කඩ නොකර මසකට වරක් අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය වෙත වාර්තා කර ඇති බැවින් ඇයට පනවා ඇති එම නියෝගය ලිහිල් කරන ලෙසයි. ඒ අනුව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ශෂී වීරවංශට මාස 3කට වරක් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත වාර්තා කිරීම ප්‍රමාණවත් බව දැනුම් දුන්නා.

අවිධිමත් ආකාරයට සකස් කළ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශෂී වීරවංශ අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය පෙබරවාරි මස 22 වන දායි. පසුව ඇය රුපියල් 15,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරුණා. මෙම නඩුව සැප්තැම්බර් මස 11 වන දා යළි කැදවනු ඇති.   

    

Update: Friday, 15 May 2015 - 08:10 PM
...................................................................
ශෂීගේ හොර උප්පැන්නෙයි, පාස්පෝට් එකයි ඇත්තක්

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ ව්‍යාජ උප්පැන්න සහතිකයක් සහ ව්‍යාජ ගුවන් බලපත්‍රයක් භාවිතා කළ බව තහවුරු වී ඇතැයි රහස් පොලිසිය අද (15) අධිකරණයට දැනුම්දුන්නා. මීට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණවල වාර්තාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවට රහස් පොලිසිය ඉදිරිපත් කළා. එම වාර්තාව වැඩිදුර උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමුකර තිබෙනවා. අවිධිමත් ලෙස සකස් කරන ලද රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශෂී වීරවංශ අත්අඩංගුවට ගත්තේ පසුගිය පෙබරවාරි මස 22 වැනිදායි. පසුව, රුපියල් 15,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇය මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories