රත්නපුරයේ පතලකින් හමුවූ අධි විකිරණ ඛනිජය මිනිස් සිරුරට අහිතකර නැහැ

Saturday, 16 May 2015 - 8:56

%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%B0%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9B%E0%B6%B1%E0%B7%92%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
ශ්‍රී ලංකාවෙන් ප්‍රථමවරට හමුවූ අධි විකිරණශීලී සමර්ස්කයිට් නමැති ඛනිජ වර්ගය මිනිස් සිරුරට අහිතකර නොවන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා. මෙම අධි විකිරණශීලී ඛනිජ වර්ගය රත්නපුර - කොළොන්න ප්‍රදේශයෙන් පසුගිය දා සොයා ගත්තේ මැණික් පතලක සිදුකළ කැණීම් අතරතුරයි. පසුව ඒ පිළිබදව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පරීක්ෂණ පවත්වනු ලැබුවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය බර්නාඞ් එන්. ප්‍රේම් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ කොළොන්න ප්‍රදේශය ආශ්‍රිතව තවදුරටත් මේ පිළිබඳ නිරීක්ෂණ සිදුකරන බවයි.

භූගතව පවතින සමර්ස්කයිට් නමැති අධි විකිරණීශීලී ඛනිජය පතල් කැණීම් සිදුකරන අවස්ථාවන්වලදී මෙලෙස හමුවීමේ අවස්ථාව පවතින බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ. අධි විකිරණශීලීතාව නිසා ඒවා අපනයනය කිරීමට හැකියාවක් නොමැති බව ද ඔහු කියා සිටියා.         

මේ අතර, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ  කැණීම් අධ්‍යක්ෂ ජී.ඩබ්ලිව්. අමරසිරි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මීට පෙර ද මැණික් පතල්වල සිදුකරන කැණීම්වලදී ඇතැම් ඛනිජ වර්ග හමුවී ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories