අතුරුදන්වූවන් සොයන්න රෝහල් වාර්තා 14,000ක් පිරික්සයි

Saturday, 16 May 2015 - 13:08

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+14%2C000%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92
යුද්ධයේදී අතුරුදන් වූ බවට පැමිණිලි ලැබී ඇති පුද්ගලයන් රෝහල්ගතව සිටියේ ද යන්න පරීක්ෂාවට ලක් කෙරෙනවා. ඒ සඳහා යුද සමයේ උතුරු - නැගෙනහිර රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගීන් 14,000ක් පිළිබඳ තොරතුරු පරීක්ෂා කිරීමට නියමිත බව අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරණගම ප්‍රකාශ කළා. අදාළ තොරතුරු පරිගණකගත කර ඇති අතර, අතුරුදන්වූවන් සමඟ ඒවා සන්සන්දනය කිරීම විශාල අභියෝගයක් බවයි ඔහු කියා සිටියේ.

යුද සමයේ අතුරුදන් වූ බවට පැමිණිලි ලැබුණු පුද්ගලයන් වැලිකඩ සහ බූස්ස රැදවුම්භාරයේ සිටින්නේ ද යන්න ඔවුන්ගේ දෙමාපියන්ට පැවැති ගැටළුවක්. ඒ අනුව තම දූ දරුවන් හෝ ඥාතීන් එලෙස අත්අඩංගුවේ සිටින්නේ ද යන්න පරීක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ දෙමාපියන්ට හා ඥාතීන්ට පසුගිය සතියේ අවස්ථාවක් හිමි වුණා. එහෙත් එලෙස රැදවුම්භාරයේ සිටි අතුරුදන්වූවෙකු සොයා ගැනීමට නොහැකි වූ බවයි ජනාධිපති විමර්ශන කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරණගම සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories