Update: කොමසාරිස්ධුර තවදුරටත් බලාත්මකයි - අධිකරණ ඇමති

Saturday, 16 May 2015 - 19:32

Update%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B0%E0%B7%94%E0%B6%BB+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92
19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව නව කොමසාරිස්වරුන් පත්කරන තුරු අල්ලස් කොමිසම, පොලිස් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම සහ මානව හිමිකම් කොමිසම යන කොමිෂන් සභාවන්හි දැනට නිලතල දරන කොමසාරිස්වරුන්ට එම ධුරයන්හි කටයුතු කළ හැකි බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම ආරම්භවීමෙන් පසු අදාළ කොමිසන් සභාවන් හි කොමසාරිස් තනතුරු අවසන්වීමට නියමිත බවයි. කෙසේ වෙතත්, 19 වන සංශෝධනය තුළ පවතින අන්තර්කාලීන විධිවිධාන අනුව දැනට සිටින කොමසාරිස්වරුන්ට නව කොමසාරිස්වරුන් පත්වන තුරු කටයුතු කළ හැකි බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
Update: Sunday, 17 May 2015 - 07.28 AM
....................................................................



කොමසාරිස්වරයෙකු ඉවත්වීමෙන්  බලපෑමක් නෑ  -  අධ්‍යක්ෂ ජනරාල්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු ඉවත් වීම හේතුවෙන් කොමිසමේ ක්‍රියාකාරීත්වයට කිසිදු බලපෑමක් සිදුනොවන බව එහි අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරයෙකු වන කීර්ති විමලචන්ද්‍රගේ ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (15) කොමිසම වෙත ලැබුණු බව එහි අධ්‍යක්ෂ ජනරාල්වරිය සනාථ කළා. කෙසේ වෙතත්, ඔහු ඉල්ලා අස්වීමට හේතුව මෙතෙක් අනාවරණය වන්නේ නැහැ.

1994 වසරේ අංක 19 දරණ පනතෙන් පිහිටුවන ලද කොමිෂන් සභාවේ වැඩකටයුතු පවත්වාගෙන යාමට නම් සාමාජිකයන් 3 දෙනෙකුගෙන් එය සමන්විත විය යුතුයි. ඒ සඳහා සාමාජිකයන් දෙදෙනෙකු විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ හෝ අභියාචනාධිකරණ විනිශ්චයකාරයන් විය යුතු අතර එක් සාමාජිකයෙකු අපරාධ විමර්ශනයට හා නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළව පුළුල් පළපුරුද්දක් ඇති අයෙකු විය යුතුයි. ඒ අනුව මෙතෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ හිටපු විනිසුරු ජගත් බාලපටබැඳි, හිටපු පොලිස්පති ආචාර්ය ජයන්ත වික්‍රමරත්න සහ අභියාචනාධිකරණයේ හිටපු විනිසුරු කීර්ති විමලචන්ද්‍ර  කටයුතු කළා.

මේ පිළිබඳව සිදුකළ විමසීමකදී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සදහන් කළේ කොමිසමේ සාමාජිකයෙකු ඉල්ලා අස්වුව ද එහි ක්‍රියාකාරීත්වය මුළුමනින් අඩපණ නොවන බවයි.

මේ අතර, හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමේදී අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සඳහන් කළේ කොමිසමට අදාළ පනතේ දැක්වෙන පරිදි එහි දෙවන වගන්තියේ 6 වන උප වගන්තියට සහ 8 වන උප වගන්තියට අනුව එක් කොමසාරිස්වරයෙකුට වුව ද එහි කටයුතු පවත්වාගෙන යා හැකි බවයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories