පළාත් පාලන ආයතනවල කළු කොඩි

Saturday, 16 May 2015 - 20:46

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B7%80%E0%B6%BD+%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A9%E0%B7%92
පළාත් පාලන ආයතන 234 ක නිල කාලය ඊයේ (15) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමත් සමග එහි පාලනය කොමසාරිස්වරයෙකු යටතට පත් කිරීමට රජය ගත් තීරණයට විරෝධය පළ කරමින් අද (16) දිනයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි පළාත් පාලන ආයතන කිහිපයක කළු කොඩි ප්‍රදර්ශනය කර තිබුණා.

කළු කොඩි ප්‍රදර්ශනය කරමින් විරෝධය පළ කළ පළාත් පාලන ආයතනවල නියෝජිතයන් පවසන්නේ මෙම පළාත් පාලන ආයතනවල මැතිවරණයක් පවත්වන තෙක් කාලය දීර්ඝ නොකර මෙලෙස කොමසාරිස්වරයෙකු යටතට පත්කිරීම අසාධාරණ බවයි.

මහ නගර සභා 3ක්, නගර සභා 30ක්, ප්‍රාදේශීය සභා 201ක් ලෙස පළාත් පාලන ආයතන  234 ක නිල කාලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. ඒ අනුව මහ නගර සභාවල නව පාලනය ඒවායේ කොමසාරිස්වරයා වෙතද නගර සභා සහ ප්‍රාදේශීය සභාවල පාලනය ඒවායේ ලේකම්වරුන්ට හිමි වී තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories