පැන්නේ රඹුක්කනදී - ගැටුණේ නාවලපිටියේදී

Sunday, 17 May 2015 - 10:51

%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%BB%E0%B6%B9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B6%AF%E0%B7%93+++-+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%9A++%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93
නාවලපිටිය - පැනිතුඩුමුල්ල ප්‍රදේශයේදී දුම්රියක ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (16) සවස අනතුර සිදුව ඇති අතර  මියගොස් ඇත්තේ අවුරුදු 35 ත් 45 ත් අතර වයසේ පසුවන කාන්තාවක්. ඇය කවුරුන්ද යන්න මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නැහැ. නාවලපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

මේ අතර රඹුක්කන - කිරිල්ලවල ප්‍රදේශයේදී පුද්ගලයෙකු දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා. අද (17) උදෑසන රඹුක්කන සිට කොළඹ - කොටුව බලා ධාවනය වූ දුම්රියට මෙම පුද්ගලයා පැන ඇති බවයි රඹුක්කන දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. සියදිවි හානිකරගෙන ඇත්තේ හැරමිටිපාන -  මොලගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි  43 හැවිරිදි අයෙක්. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories