ජනපතිට අප්‍රසාදය

Sunday, 17 May 2015 - 12:41

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA
පළාත්පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කිරීමට පියවර නොගැනීම පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක් නිදහස් පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධානය විසින් සම්මත කරගෙන තිබෙනවා. අනුරාධපුර බුද්ධ ජයන්ති විහාරස්ථානයේ ඊයේ (16) පැවති මොවුන්ගේ විශේෂ රැස්වීමකදී යෝජනාව සම්මත කරගෙන ඇති බව සඳහන්.

නිදහස් පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධානයේ සභාපති හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනගේ ප්‍රදානත්වයෙන් පැවති  රැස්වීමේදී යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී  අනිල් පුෂ්පානන්දයි.

මහ නගර සභා 3 ක්, නගර සභා 30 ක් සහ ප්‍රාදේශීය සභා 201 නිල කාලය පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. ඒ අනුව එම ආයතනවල පරිපාලනය ඒවායේ කොමසාරිස්වරුන් හෝ ලේකම්වරුන් යටතට පත්කෙරුණා.

පළාත්පාලන ආයතන 234ක කාලය දීර්ඝ නොකර කොමසාරිස්වරයෙකු යටතට  පත් කිරීමට විරෝධය පළ කරමින් පළාත් පාලන ආයතන කිහිපයක විරෝධතා ද පැවැත්වුණා.

හිටපු මන්ත්‍රි  අනිල් පුෂ්පානන්ද කියා සිටියේ කාලය ඉකුත්වූ පලාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කිරීමට නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයාට හැකියාව තිබූ බවයි. ඒ සඳහා පියවර නොගෙන නුසුදුසු වේලාවක එම ආයතනවල නිල කාලය අවසන්වීමට සැලැස්වීමෙන් පක්ෂයට බලවත් අසාධාරණයක් සිදුකල නිසා ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කළ යුතු බව ඔහු  තවදුරටත් ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories