20 ට තවත් සංශෝධන

Sunday, 17 May 2015 - 12:53

20+%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති තවත් යෝජනා මීළඟ අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන, ප්‍රජාතන්ත්‍රීය පාලනය සහ බුද්ධශාසන අමාත්‍ය කරූ ජයසූරිය ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අභිනව මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී මහනාහිමියන් අද (17) උදෑසන බැහැදැකීමෙන් අනතුරුවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී  ධුර සංඛ්‍යාව සම්බන්ධයෙන්ද මත කිහිපයක් ඉදිරිපත්ව ඇති බවයි.

 මේ අතර මහජන එක්සත් පෙරමුණ විසිවන ව්‍යවස්ථා සංශෝධනයට ඉදිරිපත් කළ යෝජනා ජනාධිපතිවරයා වෙත ලිඛිතව යොමුකර තිබෙනවා. එමඟින් මනාප ඡන්ද ක්‍රමය ඉවත් කළ යුතු බවට යෝජනා කර ඇති අතර, මන්ත්‍රී ධුර සංඛ්‍යාවද වැඩි කිරීමට විරෝධය පළ කර ඇති බවයි එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories