ෆුල්ෆේස් නීතියට ගාල්ලත් කැළඹෙයි

Sunday, 17 May 2015 - 18:56

%E0%B7%86%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ෆුල්ෆේස් හෙල්මට් නීතියට විරෝධය පළ කරමින් අද (17) ගාල්ල නගරයේ තරුණයින් පිරිසක් විරෝධතාවක නිරත වුණා.  ෆුල්ෆේස් තහනමට විරුද්ධ යතුරුපැදිකරුවන්ගේ එකමුතුව මෙම විරෝධතාවය සංවිධාන කර තිබූ අතර ගාල්ල ප්‍රධාන බස්නැවතුම්පල ඉදිරිපිටින් මෙම විරෝධතාවය ආරම්භ කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පසුව, ඔවුන් යතුරුපැදිවලින් සංචාරය කරමින් මඟ දෙපස ජනතාව ද දැනුවත් කළ බවයි වාර්තා වන්නේ.                                   

ෆුල්ෆේස් හෙල්මට් පැළඳ යතුරුපැදි ධාවනය කළ නොහැකි බවට වන නීතිය පසුගිය අප්‍රේල් මස 2 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා. එහෙත් ඊට පුද්ගල පුද්ගලයින් දෙදෙනෙකු අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකළ අතර ඒ අනුව ක්‍රියාත්මකව තිබූ අදාළ නීතිය වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ලබන 19 වැනිදා දක්වා වාරණ නියෝගයක් පනවනු ලැබුවා.





















ඡායාරූප - රත්ගම රොෂාන් පියතිලක



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories