අදත් පළාත් කිහිපයකට වැසි - මුන්දලම - සින්නපාඩුවේ නිවාස 80 ක් ජලයෙන් යටවේ

Monday, 18 May 2015 - 8:48

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+-+%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BD%E0%B6%B8+-+%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+80+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%A7%E0%B7%80%E0%B7%9A
දිවයින ආශ්‍රිතව පෙර මෝසම් තත්ත්වය තවදුරටත් පැවතීම හේතුවෙන් බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද දිනයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ හේතුවෙන් මධ්‍යම කඳුකරය ආශ්‍රිතව විටින් විට හමන තද සුළං ද බලාපොරොත්තු විය හැකි බවයි.

මේ අතර පුත්තලම - මුන්දලම - සින්නපාඩුව ප්‍රදේශයේ නිවාස 80කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යට වී ඇති අතර එම ප්‍රදේශවල මාර්ග කිහිපයක් ද ජලයෙන් යට වී තිබෙනවා. ඊයේ පස්වරුවේ සිට අධික වර්ෂාපතනයක් එම ප්‍රදේශයට ඇද හැලූණු බවයි ප්‍රදේශයේ අප වාර්තාකරු සදහන් කළේ. තිල්අඩිය - පෙරියකුලම වැව පිටාර ගැලීම නිසා පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගය ද තිල්අඩිය ප්‍රදේශයෙන් ජලයෙන් යට වුණා. මේ හේතුවෙන් ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වූ බව අප වාර්තාකරු සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories