Update: ෆුල්ෆේස් හෙල්මට් නීතියට එරෙහිව අදත් විරෝධතා

Monday, 18 May 2015 - 11:05

Update%3A+%E0%B7%86%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F
ෆුල්ෆේස් හෙල්මට් නීතිය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය ජූලි මස 2 වැනිදා දක්වා යළි දීර්ඝ කර තිබෙනවා. ඒ, අභියාචනාධිකරණය හමුවේ මෙම නඩුව අද (18) කැඳවූ අවස්ථාවේදියි. ෆුල්ෆේස් හෙල්මට් පැළඳ යතුරුපැදි ධාවනය කළ නොහැකි බවට වන නීතිය පසුගිය අප්‍රේල් මස 2 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා. එහෙත් ඊට එරෙහිව පුද්ගලයින් දෙදෙනෙකු අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකළේ පසුගිය මාර්තු මස 31 වැනිදායි. ඔවුන් එමඟින් ඉල්ලා සිටියේ ෆුල්ෆේස් හෙල්මට් පැළඳීම තුළින් තමන්ට ආරක්ෂාවක් ලැබෙන අතර, පොලීසිය ෆුල්ෆේස් හෙල්මට් තහනම් කරමින් නීතියක් පැනවීම තුළින්  තමන්ට අසාධාරණයක් සිදුවන බවයි. පොලිස්පතිවරයා ඇතුලූ හතරදෙනෙකු මෙම පෙත්සම්වල වගඋත්තකරුවන් ලෙස නම් කර තිබෙනවා.

කරුණු සළකා බැලූ අධිකරණය හෙට දක්වා බලපැවැත්වෙන පරිදි  ෆුල්ෆේස් හෙල්මට් නීතිය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ලබාදුන්නා. මීට අදාළ නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේ මෙම පෙත්සම්වලට අදාළ මූලික විරෝධතා ගොනු කිරීමට තවත් කාලයක් ලබාදෙන ලෙසයි.

මේ අතර, ෆුල්ෆේස් හෙල්මට් නීතියට විරෝධය පළ කරමින් පසුගිය දින කිහිපය පුරා දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතා ව්‍යාපාර ක්‍රියාත්මක වූ අතර, අද දිනයේදීත් කොළඹ කොටුව ඉදිරිපිට එවැනි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වුණා.

බොරු එපා, ෆුල්ෆේස් හෙල්මට් තහනම වහා ඉවත් කරනු යන මැයෙන් තාරුණ්‍යයේ හඬ සංවිධානය කොටුව දුම්රියපළ ඉදිරිපිට විරෝධතා බැනරයක් සහ පෙත්සමක් අත්සන් කිරීමට කටයුතු කළා.


Update: Monday, 18 May 2015 - 06:58 PM
................................................................

ෆුල්ෆේස් හෙල්මට් නීතිය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය ජූලි මස 2 වැනිදා දක්වා යළි දීර්ඝ කර තිබෙනවා. ඒ, අභියාචනාධිකරණය හමුවේ මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදියි. ෆුල්ෆේස් හෙල්මට් පැළඳ යතුරුපැදි ධාවනය කළ නොහැකි බවට වන නීතිය පසුගිය අප්‍රේල් මස 2 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා. එහෙත් ඊට එරෙහිව පුද්ගලයින් දෙදෙනෙකු අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකළේ පසුගිය මාර්තු මස 31 වැනිදායි. ඔවුන් එමඟින් ඉල්ලා සිටියේ ෆුල්ෆේස් හෙල්මට් පැළඳීම තුළින් තමන්ට ආරක්ෂාවක් ලැබෙන අතර, පොලීසිය ෆුල්ෆේස් හෙල්මට් තහනම් කරමින් නීතියක් පැනවීම තුළින්  තමන්ට අසාධාරණයක් සිදුවන බවයි. පොලිස්පතිවරයා ඇතුලූ හතරදෙනෙකු මෙම පෙත්සම්වල වගඋත්තකරුවන් ලෙස නම් කර තිබෙනවා.

කෙසේ වෙතත් කරුණු සළකා බැලූ අධිකරණය අප්‍රේල් මස 28 සහ පසුව හෙට දක්වා බලපැවැත්වෙන පරිදි  ෆුල්ෆේස් හෙල්මට් නීතිය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ලබාදුන්නා. මීට අදාළ නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේ මෙම පෙත්සම්වලට අදාළ මූලික විරෝධතා ගොනු කිරීමට තවත් කාලයක් ලබාදෙන ලෙසයි. ඒ අනුව ෆුල්ෆේස් හෙල්මට් නීතිය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ජූලි මස 2 වැනිදා දක්වා දීර්ඝ කළ අභියාචනාධිකරණය යළි මෙම නඩුව මේ මස 30 වැනිදා කැඳවීමට නියෝග කළා.  

ෆුල්ෆේස් හෙල්මට් නීතියට විරෝධය පළ කරමින් ප්‍රදේශ කිහිපයක පසුගිය කාලයේ විරෝධතා ව්‍යාපාර දියත් කෙරුණු අතර, ඊයේ එවැනි විරෝධතාවක් පැවැත්වුණේ ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පල ඉදිරිපිටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories