කළුබෝවිල රෝහලේ රෝගීන් කරදරේක

Monday, 18 May 2015 - 12:58

%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%B6%E0%B7%9D%E0%B7%80%E0%B7%92%E0%B6%BD+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%AF%E0%B6%BB%E0%B7%9A%E0%B6%9A
හිඟ වැටුප් ලබාගැනීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා සුවසේවා සංගමය අද සිට දින 3 ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කරනවා. ඒ යටතේ අද දිනයේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ සහ කාසල්වීදිය කාන්තා රෝහලේ පෙරවරු 8 සිට දහවල් 12 දක්වා පැය 4 ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කරනු ඇති. සෞඛ්‍ය කාර්ය සහයකවරුන් ඇතුලූ ශ්‍රේණි 30 කට අයත් රෝහල් සේවකයන් මෙම වර්ජනයට එක්ව සිටිනවා.

සමස්ත ලංකා සුවසේවා සංගමයේ සභාපති සමන්ත කෝරලේආරච්චි සඳහන් කළේ හෙට දිනයේ තවත් රෝහල් 10 ක සහ අනිද්දා දිනයේ කොළඹ ජාතික රෝහලේ මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි.

මෙම වර්ජනය හේතුවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කටයුතුවලට බාධා මතුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් අප එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය අසේල ගුණවර්ධනගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මෙම වර්ජනය සඳහා කණිෂ්ඨ කාර්යමණ්ඩලයේ සියයට 80 ක් පමණ දායකවී ඇති බැවින් රෝහලේ දෛනික කටයුතු සඳහා බාධා එල්ලවී ඇති බවයි. කෙසේ වෙතත් කාසල් වීදිය කාන්තා රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ රෝහලේ එවැනි කිසිදු වර්ජනයක් ක්‍රියාත්මක නොවන බවයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories