රටේ ණයබර රුපියල් බිලියන 8999 ක්

Monday, 18 May 2015 - 13:05

%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%AB%E0%B6%BA%E0%B6%B6%E0%B6%BB+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+8999+%E0%B6%9A%E0%B7%8A
පසුගිය රජය ලබාගත් අසීමිත ණය හේතුවෙන් අදවනවිට රටේ මුළු ණය බර රුපියල් බිලියන 8999 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා. ඔහු කියා සිටියේ 2005 වසර වනවිට එය රුපියල් බිලියන 1784 ක්ව පැවති බවයි.  මුදල් අමාත්‍යාංශයේ අද පෙරවරුවේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

රාජ්‍ය බැංකු පෞද්ගලිකකරණයට ලක් කරන බවට ඇතමුන් ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද මුදල් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.  

වසා දමනු ලැබූ ප්‍රමුඛ බැංකුවේ තැන්පත්කුරුවන් 8200 කගේ තැන්පතු මුදල් ආපසු ලබාදීමේ පළමු අදියර අද (18) පැවැත්වුණා. වසර 10 කට ආසන්න කාලයක්  පමාවී තිබූ මෙම මුදල් තැන්පත්කරුවන්ට ලබාදීම අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories