අප්‍රමාදව දෙමළ ජනතාවට බලය විමධ්‍යගත කරන්න - උතුරේ මහඇමති කියයි

Monday, 18 May 2015 - 19:15

%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B7%80+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
යුද්ධයෙන් මිය ගිය පුද්ගලයින් සිහිපත් කරමින් උතුර - නැගෙනහිර ප්‍රදේශ කිහිපයක අද (18) පහන් දල්වා පූජා පවත්වනු ලැබුවා.

මෙරට පැවැති අවසන් යුද්ධයේදී මිය ගිය පුද්ගලයන් සිහිපත් කරමින් මුලතිව් - වෙල්ලමුල්ලවයික්කාල් ප්‍රදේශයේ සැමරුම් උත්සවයක් පැවැත්වුණේ උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන්. මහඇමතිවරයා ඇතුළු පැමිණ සිටි පිරිස මිය ගිය පුද්ගලයින් සිහිපත් කරමින් පහන් දල්වා, මල් පූජා කර ආගමික වතාවත්වල නිරත වූ බව එම ස්ථානයේ සිටි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සදහන් කළා. මෙම අවස්ථාවට නියෝජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, සෙල්වම් අඩෙක්කලනාදන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍ර සහ පළාත් සභා මන්ත්‍රීනී ආනන්දි ශෂිදරන් එක්ව සිටියා. මොවුන්ගෙන් ඇතැම් පිරිස් කළු රෙදිපටි බැද ගනිමින් මිය ගිය පුද්ගලයින් සිහිපත් කිරීම විශේෂත්වයක්.

දෙමළ කතා කරන ජනතාව වෙනුවෙන් උපරිම වශයෙන් බලය විමධ්‍යගත කිරීමට ප්‍රමාදයකින් තොරව අප කටයුතු කළ යුතු බවයි මෙහිදී පැමිණ සිටි පිරිස ඇමතූ උතුර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ. දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ දේශපාලන අභිලාෂයන් සම්බන්ධයෙන් රජය ජාත්‍යන්තර ප්‍රජාව සමඟ තීරණයකට එළඹිය යුතු බව ද ඔහු මෙහිදී අවධාරණය කළා.

ඉන් අනතුරුව උතුර පළාත් මහඇමතිවරයා යාපනය - කීරිමලේ - නගුලේෂ්වරන් කෝවිලට ද ගොස් යුද්ධයෙන් මිය ගිය පුද්ගලයින් සිහි කරමින් ආගමික වතාවත්වල නිරතව තිබෙනවා. යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහ සිසුන්ගෙන් පිරිසක් එක්ව එම සරසවි භූමියේ පහන් දල්වා යුද්ධයෙන් මිය ගිය පිරිස් සමරා ඇති බව සදහන්. ඊට අමතරව මඩකලපුව  - වාකරේ සහ අම්පාර ඇතුළු ප්‍රදේශ කිහිපයක ද මෙවැනි සැමරුම් පැවැත්වුණු බව ද අප වාර්තාකරුවන් කියා සිටියා.

මුලතිව් පොලිස් බලප්‍රදේශයේ අද දිනයේ එල්.ටී.ටී.ඊ. සැමරුම් උත්සව පැවැත්වීම තහනම් කරමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබුණා. අදාළ සැමරුම් උත්සවය පිළිබඳව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කළේ. ඒ අනුව අද සිට දින 14 ක් යනතුරු මුලතිව් පොලිස් බලප්‍රදේශයේ කිසිදු ස්ථානයක එල්.ටී.ටී.ඊ. සැමරුම් උත්සවයක් පැවැත්වීම තහනම් වනු ඇති.  පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ මුලතිව් පොලිස් බල ප්‍රදේශය තුළ අද දිනයේදී ත්‍රස්තවාදී කණ්ඩායම් සැමරීමේ අරමුණින් උත්සව සංවිධාන කළහොත් ඊට එරෙහිව පියවර ගන්නා බවයි.

කෙසේ වෙතත්, කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ පෙර පැවැති ආණ්ඩුව සමයේ උතුරු - නැගෙනහිර මෙවැනි අධිකරණ නියෝග නිකුත් කිරීමට අවශ්‍ය නොවූ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories