විද්‍යාගාරයක් දෙවරක් විවෘත කරයි

Tuesday, 19 May 2015 - 13:10

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මහනුවර - හාරිස්පත්තුව - අංකුඹුර ජාතික පාසලේ අලූතින් ඉදිකළ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය දෙවරක් විවෘත කිරීමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට අද (19) වාර්තා වුණා. මෙම තාක්ෂණ විද්‍යාගාරය අද පෙරවරුවේ විවෘත කිරීමට නියමිතව තිබුණේ තැපැල් සහ මුස්ලිම් කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම්ගේ ප්‍රධානත්වයෙන්. කෙසේ වෙතත්, ඊට පෙර පාසලට පැමිණි මධ්‍යම පළාත් සභාවේ නිදහස් සන්ධාන මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ සහ පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනුර කුමාර මඩලූස්ස එය විවෘත කර තිබෙනවා. අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා කියා සිටියේ පසුගිය රජය කාලසීමාවේ ලක්ෂ 96ක් වැය කරමින් ඉදි කළ මෙම විද්‍යාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රදේශයේ අනෙකුත් දේශපාලනඥයන්ට ආරාධනා කර නොතිබූ බවයි.

නිදහස් සන්ධානයේ දේශපාලනඥයින් පිරිස එම විද්‍යාගාරය විවෘත කිරීමෙන් පසු එම ස්ථානයට පැමිණි තැපැල් සහ මුස්ලිම් කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් ද එය විවෘත කළ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories