Update: කයිට්ස් සිසුවිය ඝාතනය: 9 සැකකරු වැල්ලවත්තේ

Tuesday, 19 May 2015 - 14:07

Update%3A+%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%3A+9+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A
කයිස්ට් - පුංකුඩුතිව් මහ විදුහලේ 17 හැවිරිදි සිසුවියක් සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අද (19)කොළඹ - වැල්ලවත්තේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.  

 පසුගිය 13 වැනිදා උදෑසන පාසල් යන අතරතුර දී  සිසුවිය පැහැරගෙන ගොස් අපයෝජනය කර හුස්ම සිර කර ඝාතනය කර තිබුණා. පසුව ප්‍රදේශයේ වන ලැහැබක තිබීයදියි අත් පා ගැට ගසා ඝාතනය කර තිබූ ඇයගේ සිරුර පොලීසිය සොයා ගත්තේ.  

සැකකරුවන් තුන්දෙනෙකු පළමුව අත්අඩංගුවට ගැනුනු අතර ඊයේ තවත් සැකකරුවන් පස්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා. ඔවුන් කයිස්ට් පොලීසිය වෙත රැගෙන එන අවස්ථාවේ කුපිත වූ ප්‍රදේශවාසීන් ඔවුන්ට පහර දීමට උත්සාහ කර තිබූ අතර එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ද සුළු තුවාල සිදුවුණා. පසුව නාවික හමුදාවට අයත් බෝට්ටුවකින්  සැකකරුවන් 5 දෙනා යාපනය පොලීසිය වෙත රැගෙන ආ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර  ප්‍රකාශ කළේ.

මේ අතර, කොළඹ - වැල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් 9 වන සැකකරුවා විදේශ ගත කිරීමට සූදානම් වූ බවට චෝදනා කරමින් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයාටද කයිට්ස් ප්‍රදේශවාසීන් අද පහරදීමට උත්සාහ කර ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.

එසේම මෙම ඝාතනයට විරෝධය පළ කරමින් අද යාපනය නගරයේ කඩ සාප්පු රැසක් වසා තිබුණා. නගරයේ පාසල් කිහිපයක් ඉදිරිපිට දී සිසුන් විරෝධතාවල නිරත වුණා.
Update: Tuesday, 19 May 2015 - 18:35
......................................................................

සිසුවිය දූෂණ සිද්ධියේ 8ක් අත්අඩංගුවට

කයිස්ට් - පුංකුඩුතිව් මහ විදුහලේ 17 හැවිරිදි සිසුවියක් සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 8 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (18) පස්වරුවේ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන පැය 48ක රැදවුම් නියෝග මත මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. මීට පෙර අදාළ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

පුංකුඩුතිව් ප්‍රදේශයේ පදිංචි අදාළ සිසුවිය පසුගිය 13 වැනිදා උදෑසන පාසල් යන අතරතුර දී මෙම සැකකරුවන් විසින් පැහැරගෙන ගොස් දූෂණය කර හුස්ම සිර කර ඝාතනය කර තිබුණා. පසුව ප්‍රදේශයේ වන ලැහැබක තිබී අත් පා ගැට ගසා තිබූ සිසුවියගේ මළ සිරුර පොලීසිය විසින් සොයා ගත්තා. ඇගේ කටට රෙදිකඩක් ඔබා මෙලෙස හුස්ම සිර කර ඝාතනය තිබූ බවටයි පරීක්ෂණවලින් පසුව අනාවරණය වී තිබුණේ.

ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් කයිස්ට් පොලීසිය වෙත රැගෙන එන අවස්ථාවේ කුපිත වූ ප්‍රදේශවාසීන් විසින් ඔවුන්ට පහර දීමට උත්සාහ කර තිබුණා. එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ද සුළු තුවාල සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. පසුව නාවික හමුදාවට අයත් බෝට්ටුවකින් සැකකරුවන් 5 දෙනා යාපනය පොලීසිය වෙත රැගෙන විත් තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories