දනියෙල් - මිගෙල් හඳුනා ගන්න

Tuesday, 19 May 2015 - 20:06

%E0%B6%AF%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+-++%E0%B6%B8%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් රෑ  දනියෙල් - දවල් මිගෙල් ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අද (19) පස්වරුවේ  මාතර - නූපේ ප්‍රදේශයේ දී එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් නායක, විදේශ අමාත්‍ය මංගල සමරවීරගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙරට දේශපාලන පක්ෂ රැසක් එක්වී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට පත් කළ බවයි. එහෙත්  නිදහස් පක්ෂයේ ඇතමුන් ඔහුගේ වැඩපිළිවෙලට එරෙහිව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ආණ්ඩුව බලය ලබාගත්තේ ජනතා කැමැත්තෙන්. පාර්ලිමේන්තුවේ විවිධ ප්‍රශ්න ඇතිවනවා.  ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැර යළි ජනතා බලයෙන් තේරී පත්වීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදී අවධාරණය කළා.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ලබාදුන්  අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් තමන් ගොඩනැගුවේ නීතිමය ප්‍රශ්නයක් පමණයි. හිටපු ආරක්ෂක ලේකම්වරයාට මූලික අයිතිවාසිකම් පෙත්සමක්  ගොනු කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නැහැ. එහෙත් තමන් මතුකළ නීති ප්‍රශ්ණයට  නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පිළිතුරු ලබාදීම ගැටළුවක් බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories