මහින්ද නිදහස් පක්ෂය දෙකඩ නොකරන බව කියයි

Wednesday, 20 May 2015 - 7:43

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%A9+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට තමාගේ බලාපොරොත්තුවක් නොමැති බවත් එය ගොඩනැංවීමට සියලූදෙනා එක්ව කටයුතු කළ යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. මාතර - දෙවිනුවර ප්‍රදේශයේ ඊයේ (19) පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දැන් පොලීසිය දේශපාලන අවශ්‍යතා මත ක්‍රියා කරන බවයි. මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ද හිටපු ජනපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට ප්‍රකාශ කළ ද එවැන්නක් සිදුකර නොමැති බවයි ඔහු කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories