Update: ගෝඨාට පැය 6ක ප්‍රශ්න පත්‍රයක්

Wednesday, 20 May 2015 - 9:34

Update%3A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+6%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද (20) ප්‍රශ්ණ කර ප්‍රකාශයක් සටහන් කරගත්තා. ඒ ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ සිදුවූ මූල්‍ය වංචාවකට අදාළවයි. පැය 6 කට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මීට පෙර මිග්යානා ගණුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පසුගිය 12 වනදා පැමිණෙන ලෙස හිටපු ආරක්ෂක ලේකම්වරයාට දැනුම්දී තිබුණත් ඒ සඳහා ඔහු වෙනත් දිනයක් ඉල්ලා සිටියා. ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනමක් නිකුත් කළේ ඊට පසුදිනයි.  


Update : Wednesday, 20 May 2015 - 18:58
---------------------------------------------------
ගෝඨාභය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ප්‍රකාශයක් ලබාගනිමින් සිටිනවා. ඒ ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ සිදුවූ මූල්‍ය වංචාවකට අදාළවයි. මීට පෙර මිග්යානා ගණුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පසුගිය 12 වනදා පැමිණෙන ලෙස හිටපු ආරක්ෂක ලේකම්වරයාට දැනුම්දී තිබුණත් ඔහු ඒ සඳහා වෙනත් දිනයක් ඉල්ලා සිටියා. ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනමක් නිකුත් කරන්නේ ඊට පසුදිනයි. එම පෙත්සමෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා තිබුණේ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙසයි.  එසේම, දැනට පරීක්ෂණ සිදු කෙරෙන සිද්ධින් සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙසට ද ඔහු එමගින් ඉල්ලා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories