කෙහෙළියට ඇප

Wednesday, 20 May 2015 - 11:04

%E0%B6%9A%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු ඇපමත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද නියෝග කළා. ඒ, පසුගිය වසරේ දෙසැම්බර් 02 සිට 10 වැනිදා අතර කාලයේ රූපවාහිනී සංස්ථාවේ ප්‍රවර්ධන වැඩසටහනකට යැයි කියමින් එහි මුදලින් පයිප්ප 600ක් මිලට ගෙන රජයට රුපියල් 9 ලක්ෂ 90,000ක් පාඩු කළ බවට අල්ලස් කොමිසම පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදීයී.

අල්ලස් කොමිසම පැවරූ මෙම නඩුවේ කෙහෙලිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාට අමතරව ඇපමත මුදා හැරුණු සෙසු විත්තිකරුවන් වන්නේ රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ සහ එහි හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේයි. මොවුන් රුපියල් 50,000 බැගින් වූ මුදල් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විමල් රූබසිංහ සහ  චන්ද්‍රපාල ලියනගේ යන විත්තිකරුවන්ගේ ගමන් බලපත්‍ර අධිකරණ භාරයට පත් කරන ලෙස දැනුම් දුන්නා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories