රණවිරුවන් සැමරේ

Wednesday, 20 May 2015 - 21:19

%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%9A
රට ත්‍රස්තවාදයෙන් මුදාගැනීම උදෙසා ජීවිත පූජා කළ සහ ආබාධිත තත්ත්වයට පත්වූ වීරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ ජාතික රණවිරු සැමරුම් උත්සවය  පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වුණා.    ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හමුදා ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන්. මැති ඇමතිවරුන්, විදෙස්  රාජතාන්ත්‍රිකයන් මෙන්ම රණවිරු පවුල්වල සාමාජිකයන් රැසක්ද ඊට එක්වුණා.


ජනාධිපතිවරයාගේ පැමිණීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කෙරුණු අතර අනතුරුව රට වෙනුවෙන් ජීවිත පූජා කළ රණවිරුවන් සිහිපත් කරමින් විනාඩියක නිහැඩියාවක් පළ කළා. මහ සංඝරත්නය ප්‍රධාන සර්වආගමික පූජකතුමන් විසින් රණවිරුවන් සිහිපත් කරමින් අනුශාසනා සිදුකළේ ඉන් අනතුරුවයි.  පසුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහර ද පුද කළා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories