හරීන් තවදුරටත් මහ ඇමති- පෙත්සම් විභාගයට අවසර

Thursday, 21 May 2015 - 12:40

%E0%B7%84%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92-++%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
ඌව පළාත් මහ ඇමති ලෙස හරීන් ප්‍රනාන්දු එම තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම අභියාචනාධිකරණය අද (21) ප්‍රතික්ෂේප කළා. ඌව පලාතේ හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර  රාජපක්ෂ තනතුරෙන් ඉවත් කර හරීන් ප්‍රනාන්දු පත්කිරීම අභියෝගයට ලක් කරමින් නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත ඇතුලූ ඌව පළාත් සභාවේ මන්ත්‍රී පිරිසක් ගොනු කළ පෙත්සම් අද සළකා බැලූ අවස්ථාවේදියි අභියාචනාධිකරණය නියෝගය නිකුත් කළේ. කෙසේ වෙතත්  පෙත්සම් ජූනි මස 19 වැනිදා විභාග කිරීමට අධිකරණය අද තීරණය කළා. එදිනට මෙහි වගඋත්තරකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද අභියාචනාධිකරණය අද නියෝග කළා.

අභියාචනාධිකරණයේ සභාපති විජිත් මලල්ගොඩ සහ එච්.සී.ජේ. මඩවල යන විනිසුරුවරුන් හමුවේයි අද මෙම පෙත්සම කැඳවනු ලැබුවේ. මෙම පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඒවා ජූනි මස 19 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙසයි අභියාචනාධිකරණ විනිසුරුවරුන් නියෝග කළේ.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ඌව පළාත් මහ ඇමති  හරීන් ප්‍රනාන්දු, පළාත් ආණ්ඩුකාරවරයා, මැතිවරණ කොමසාරිස්වරයා සහ පළාත් සභා ලේකම්වරයා ඇතුලූ පිරිසක් නම් කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories