Update: යාපනයේ කළබල කළ 130 දෙනාම රිමාන්ඩ්

Thursday, 21 May 2015 - 15:09

Update%3A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%85%E0%B6%B6%E0%B6%BD+%E0%B6%9A%E0%B7%85+130+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
යාපනය - පුංකුඩුතිව් මහාවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවියක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ඊයේ (20) යාපනය නගරයේ පැවති විරෝධතාවයේදී කලහකාරි ලෙස හැසිරුණු පුද්ගලයින් 130 දෙනා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඔවුන් යාපනය මහේස්ත්‍රාත් එස්.පොන්නතුරෙයි ශිවකුමාර් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඉන් සැකකරුවන් 47 දෙනෙකු ලබන මස පළමුවැනිදා දක්වාත්, තවත් සැකකරුවන් 43 දෙනෙකු ලබන මස 3 වැනිදා දක්වාත් ඉතිරි පිරිස ලබන මස 4 වනදා දක්වාත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අයුතු ජනරාශිය, පොදු දේපලවලට හානි කිරීම, පොලිස් නිලධාරින්ට පහරදීමේ චෝදනා මත ඔවුන්ව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ.

අදාළ පාසල් සිසුවිය අපයෝජනයට ලක් කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 9 දෙනෙකු මේ වනවිට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් 5 දෙනෙකු ලබන මස පළමුවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, තවත් සැකකරුවන් 3 දෙනෙකු කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමෙන් පසු එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ අතර, මෙම සිද්ධියට විරෝධය පළ කරමින් අද (21) දිනයේත් වව්නියාව නගරයේ හර්තාල් ව්‍යාපාරයක් දියත් කර තිබුණා. වව්නියාව වෙළඳ සංගමය සහ තවත් සිවිල් සංවිධාන කිහිපයක් මෙය සංවිධානය කර තිබූ අතර, මේ හේතුවෙන් වව්නියාව නගරයේ දෛනික කටයුතුවලට ද බාධා එල්ල වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. කෙසේ වෙතත්, මෙම සිදුවීම් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ සිදුකරනවා. යාපනය නගරයේ ඊයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු පොලිස්පති එන්.කේ.ඉලංගකෝන්ද ඊයේ රාත්‍රියේම එහි ගොස් සිද්ධිය සම්බන්ධ සිදුකරන විමර්ශන පිළිබඳව කරුණු විමසා සිටියා. කෙසේ වෙතත්, මේ වනවිට යාපනය නගරයේ තත්ත්වය සාමකාමී බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ.



මීට පෙර පළ කළ පුවත මෙතනින් බලන්න :
http://goo.gl/U9W1pR


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories