උතුරේ නීතීඥවරුන් අද වැඩවරයි

Friday, 22 May 2015 - 7:43

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%A5%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
යාපනය අධිකරණ භූමියේ පෙරේදා (20) සිදුවූ ප්‍රචන්ඩකාරි විරෝධතාවට එරෙහිව අද දිනයේ රාජකාරිවලින් ඉවත්ව සිටීමට උතුරේ නීතීඥවරුන් තීරණය කර තිබෙනවා. ඒ අනුව යාපනය, මල්ලාකම්, පරතිතුරෙයි, චාවකච්චේරී, කයිට්ස්, කිලිනොච්චිය, වව්නියාව, මුලතිව් ප්‍රදේශවල මහේස්ත්‍රාත් අධිකරණවල සියලූම නීතිඥයන් රාජකාරීවලින් ඉවත්ව සිටීමට තීරණය කර ඇති බව සඳහන්. යාපනය අධිකරණ සංකීර්ණයේ ඊයේ පවත්වනු ලැබූ විශේෂ රැස්වීමකදී මෙම තීරණය ගත් බවයි යාපනය දිස්ත්‍රික් නීතිඥ සංගමයේ සාමාජික නීතිඥ කේ.සුදාස් කියා සිටියේ.

යාපනය අධිකරණ භූමියේ සහ නගරයේ කලහකාරි විරෝධතාවක නිරත වීම නිසා අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන් 130 දෙනා ඊයේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඔවුන් ඊයේ පස්වරුවේ යාපනය බන්ධනාගාරයේ සිට අනුරාධපුර බන්ධනාගාරය වෙත රැගෙන ආ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ. කයිට්ස් දූපතේ පසුගියදා සිදුවූ සමූහ දූෂණ - ඝාතන සිද්ධියට විරෝධය පළ කරමිනුයි මෙම කලහකාරි විරෝධතාව පැවැත්වුණේ. එම අපරාධය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් ලබන ජුනි පළමුවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මේ අතර, යාපනයේ සාමකාමී වාතාවරණයක් ඇති කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බවයි යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.

කෙසේ නමුත්, යාපනයේ මේ වනවිට සාමකාමී තත්ත්වයක් පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories