Update: නයිජීරියාවේදී පැහැර ගත් කරුණාදාස නිරුපද්‍රිතයි

Friday, 22 May 2015 - 12:51

Update%3A+%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%E0%B6%A2%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F%E0%B7%83+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
නයිජීරියාවේදී පැහැර ගත් තම පියා තවමත් නිරුපද්‍රිත  බව ඔහුගේ් දියණිය අද (23) හෙළි කළා. මේ පිළිබඳව මාධ්‍ය වෙත කරුණු හෙළි කිරීමට  කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැහැර ගැනීමට ලක්වූ ඞී.ඒ කරුණාදාසගේ දියණිය වන ඞී.ඒ මිහිරි ෂෙනාලි රත්නසේකර වැඩිදුරටත් සඳහන් කළේ පියා පවුලේ සාමාජිකයන් සමඟ දෛනිකව වතාවක්  දුරකථනයෙන් කතා කරන බවයි.
Update: Saturday, 23 May 2015 - 18:43
........................................................................

පැහැර ගත් ශ්‍රී ලාංකිකයාගේ ඥාතින් හිරුට කතා කරයි

නයිජීරියාවේ - ඔන්ඩෝ සහ කෝගී ප්‍රාන්ත මායිමේදී පැහැර ගැනීමට ලක්වූ ශ්‍රී ලාංකිකයා නිදහස් කර ගැනීමට කෝටි 50 ක කප්පම් මුදලක් ඉල්ලා තිබෙනවා. එහෙත් මෙම මුදල ශ්‍රී ලංකා රුපියල් වලින්ද නැතහොත් විදේශීය මුදල් ඒකකයකින් ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ. මෙම මුදල ඉල්ලා ඇත්තේ ඔහු සේවය කරන නයිජීරියාවේ ඉතාලි ඉදිකිරීම් සමාගමෙන් බවයි පැහැර ගැනීමට ලක්වූ ඞී.ඒ කරුණාදාසගේ ඥාතියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. සහරා රිපෝටර්ස් නමැති පුවත්පතක් මීට පෙර අනාවරණය කර තිබුණේ පැහැර ගැනීම සිදුකළ පුද්ගලයන් කප්පම් ඉල්ලා ඇත්තේ ඥාතීන්ගෙන් බවයි.

 පසුගිය අඟහරුවාදා පැහැර ගැනීමට ලක්වූ 68 හැවිරිදි ඞී.ඒ කරුණාදාස වේයන්ගොඩ - මොට්ටුන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. එක් දරු පියෙකු වන මොහු සිය පවුල ද සමඟ  පදිංචිව සිට ඇත්තේ නයිජීරියාවේයි. පසුව ඔහු පමණක් එහි නතරව, දියණිය වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා මවත් සමඟ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. බොරිනි ප්‍රෝනෝ නමැති ඉතාලි ඉදිකිරීම් සමාගමේ මොහු කළමනාකරු ලෙස සේවය කර තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරුවරයෙකු වන පැහැර ගැනීමට ලක්වූ ඞී.ඒ.කරුණාදාස නයිජීරියාවේ සේවයට ගොස් දැනට වසර 35 ක් පමණ වන බවයි ඔහුගේ ඥාතියෙකු වන වයි.එල්.එම් චන්ද්‍රදාස හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories