මහබැංකු බැඳුම්කර ගනුදෙනුව ගැන විමර්ශනයට මන්ත්‍රීවරුන් 13 ගෙන් යුත් කෝප් අනු කමිටුවක්

Saturday, 23 May 2015 - 8:57

%E0%B6%B8%E0%B7%84%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+13+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මහබැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනයට කෝප් කමිටුව මන්ත්‍රීවරුන් 13 දෙනෙකුගෙන් යුත් අනු කමිටුවක් පත් කර තිබෙනවා. ඩිව් ගුණසේකර, සුසිල් ප්‍රේමජයන්ත, ලසන්ත අලගියවන්න, අර්ජුණ රණතුංග, හසන් අලි, රජිව් විජේසිංහ, ඊ. සරවනභවන්, වීරකුමාර දිසානායක, ඉරාන් වික්‍රමරත්න සහ සුනිල් හඳුන්නෙත්ති ඇතුලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 13 දෙනෙකු ඊට ඇතුළත්. මෙම කමිටුව පත් කර ඇත්තේ මහබැංකු අධිපතිවරයාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට අදාළවයි.  

මහබැංකු අධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනා විවාදයට ගත හැකි බව කථානායක චමල් රාජපක්ෂ පසුගිය මැයි 20 වන දා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.  ඊට පෙර එය කෝප් කමිටුව වෙත යොමු කරන බවයි කථානායකවරයා එහිදී කියා සිටියේ. ඒ අනුව කෝප් කමිටුව මගින් ඒ පිළිබදව සොයා බැලීම සඳහා අදාළ අනුකමිටුව පත් කළ බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories